ඔබේ වයස් සීමාව කුමක් වුවත්, ඔබ මියගිය පසු ඔබේ ඇස් දෙක දන් දීමට ඔබට පොරොන්දු පත්‍රයක් අත්සන් කිරීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට තමාගේ ලිපිනය ලියූ මුද්දර ඇලවූ ලියුමි කවරයක් එවීම තුලින් මේ සඳහා අවශ්‍ය පොරොන්දු පත්‍රය සහ විස්තර ලබාගත හැකියි.

දැන් ඇස්‌ පමණක්‌ නොව සම් මස්‌ ඇට සියල්ල දන්දිය හැකියි



අපට ඇස්‌ පෙනෙන හෙයින් අපි රිසිසේ ඇවිද යන්නෙමු. අපි ආසා කරන දේවල් බලන්නෙමු. අප කැමැති ස්‌ත්‍රී රූප පුරුෂ රූප ඇසින් රස විඳින්නෙමු. මේ ලෝකය ඇසින් බලා රස විඳින්නට තැනූ සියලු දෙයින් නොඅඩු උයනක්‌ වැන්න.

ඇස්‌ ඇත්තෝ ලෝකය නමැති උයන පුරා ඇවිදිමින් නරඹමින් සැරි සරති. එහෙත් ඇස්‌ නැත්තන්ගේ ලෝකය කොතරම් දුක්‌බරදැයි ඔබ නිකමටවත් සිතන්නේද?

සිතා බලන්න. ඇස්‌ නැති මිනිසුන් හෙවත් අන්ධයින්ට මේ ලෝකයේ කිසිවක්‌ම පෙනෙන්නේ නැත. පාරේ යන එන විට අන්ධ මිනිසකු දුටු කල ඔබ ඔහු අතින් අල්ලා ගෙන පාරේ එහා පැත්තට ගෙනයන්නේ ඔහුට නොපෙනෙන බව දන්නා නිසාවෙනි.

එහෙත් එපමණකින් අපට හිත හදා ගත නොහැක. ඇස්‌ නොපෙනෙන මිනිසුන්ට ඇස්‌ පෙනීම ලබාදිය නොහැකිද?

ප්‍රීතිමත් ආරංචිය නම් ඇස්‌ නොපෙනෙන අයට ඇස්‌ ලබාදිය හැකි බවය. ඒ සඳහා ලංකාවේ ශ්‍රී ලංකා අක්‍ෂිදාන ව්‍යාපාරය නමින් ව්‍යාපාරයක්‌ පිහිටුවා තිබේ.

ඒ ව්‍යාපාරය පිහිටුවා දෙසැ. 18 දාට වසරක්‌ පිරේ. ඒ ව්‍යාපාරයේ නිර්මාතෘ දොස්‌තර හඩ්සන් සිල්වා මහතාය.

ඒ ව්‍යාපාරය අක්‍ෂිදාන සංගමය නමින් හඳුන්වනවාට වඩා zzඇස්‌ දන්දීමේ ව්‍යාපාරයZZ නමින් හැඳින්වීම වරදක්‌ නැත. ඇස්‌, ඉස්‌, මස්‌, ලේ දන්දීම අප මහ බෝසතුන් බුදු බව පතා දුන් දානමය පිංකම්වලින් කිහිපයකි. ඒ නිසා ඇස්‌ දන්දීම මහඟු පිංකමකි.

ඇස්‌ දන්දීමේ පළමු පොරොන්දු පත්‍රය පුරවා අක්‍ෂි දාන සංගමයට භාරදී ඇත්තේ මඩිහේ පCඳ්C¹සීහ හාමුදුරුවන් විසිනි. ඒ 1958 වර්ෂයේදීය. මිය ගිය කෙනෙකුගේ ඇස්‌ පැය 4 ක්‌ තුළ ලබා ගැනීමෙන් ඒ ඇස්‌ වලින් අන්ධ කෙනෙකුට පෙනීම ලබා දිය හැක.

මිනිසකු මිය ගියායින් පසුව ඔහුට ඒ ඇස්‌වලින් කුමන පලයක්‌ද? සෑම මළ සිරුරක්‌ම තිබෙන්නේ පියෑවූ ඇසින්ය. ඉතින් ඒ ඇස්‌ දන්දීමෙන් තවත් අන්ධ මිනිසකුට පෙනීම ලබාදීම පිනක්‌ වශයෙන් පමණක්‌ නොව මේ ජීවිතයේදී කරනු ලබන ඉහළම පරිත්‍යාගය ලෙස සැලකිය නොහැකිද?

ඕනෑම වයසක ඕනෑම අයෙකුගේ ඇසක්‌ දන්දිය හැකිද? එවැනි ප්‍රශ්නයක්‌ මතුවන්නේ ලේ දන්දෙන්නට යන අප හැම දෙනාගෙන්ම ලේ භාර නොගන්නා හෙයිනි. ඔබ දියවැඩියා රෝගියෙක්‌ නම් වෙනත් දිගු කාලීන අසනීපයකින් පෙලෙන්නේ නම් ඔබෙන් රුධිරය ලබා ගන්නේ නැත.

එහෙත් ඇස්‌ ලබා ගැනීමේදී එවැනි නීතියක්‌ නැත. ඔබ ඇස්‌ දන්දීමට පොරොන්දු පත්‍රයකට අත්සන් තබා තිබේ නම් ඔබේ මරණය සිදුවී පැය 4 ක්‌ ඉක්‌ම වීමට මත්තෙන් අක්‍ෂිදාන සංගමයට දැන්විය යුතුය. එය කළ යුත්තේ ඔබේ ළඟම ඥතීන් විසිනි.

එකල අක්‍ෂිදාන සංගමයේ විශේෂඥයෝ පැමිණ මිය ගිය ඔබගේ මුහුණට කිසිදු විකෘතියක්‌a නොවනසේ ඇස්‌ ඉවත්කරගෙන යනු ඇත.

මිය ගියායින් පසුව ඇස්‌ දෙකින් පමණක්‌ නොව මුළු සිරුරෙන්ම අපට කවර පලයක්‌ද? දින කිහිපයකට පසු එක්‌කෝ වළලනු ලැබේ. නැත්නම් පුළුස්‌සා දමනු ලැබේ.

එවැනි මළ සිරුරකින් යමක්‌ මෙලොව ජීවත්වන අයට දී යා හැකි නම් කෙතරම් පුණ්‍යකර්මයක්‌ද? බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන්නට පෙරුම් පිරූ සමයේ ඇස්‌ ඉස්‌ මස්‌ ලේ දන්දුන් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

ඇස්‌ දන් දීමට දැන් ඔබට අවස්‌ථාව ලැබී තිබේ.

නමුත් ඇහැට ඇහැක්‌ ලබාදිය හැක්‌කේ ඇසේ කුණිතය නරක්‌වූ අයට පමණි. කුණිතය යනු ඇසේ මතුපිට සිවියයි. එම සිවිය නරක්‌ වු අයෙකුට මියගිය කෙනෙකුගේ ඇසකින් ලබාගත් සිවියකින් පෙනුම ලබාදිය හැකියි.

නමුත් දෘෂ්ටි ස්‌නායුව ක්‍රියාත්මක නොවේ නම් ඒ ඇසට ඇසක්‌ දීමෙන් පෙනීම ලබා දිය නොහැකි වේ.

මෙය උදාහරණයකින් විස්‌තර කළ හැක. විදුලි බුබුලක්‌ පත්තුවීමට නම් ඊට විදුලිය බලය ලබාදෙන බැටරිය, බැටරිය සහ බල්බය අතර තිබෙන වයරය හොඳින් තිබිය යුතුය. මේ කාරණා අනුව දෘෂ්ටි ස්‌නායුව ඇසේ කුණිතය හොඳින් තිබිය යුතුය.

ඇතැම් අන්ධ පුද්ගලයන් ගේ ඇස හොඳින් තිබුණද ඇස සහ මොළය අතර ස්‌නායු සම්බන්ධය නැති නම් ඒ ඇසට බල්බයක්‌ (ඇසක්‌) සවි කිරීමෙන් පලක්‌ නැත.

නමුත් හදිසි අනතුරකින් ඇසට තුවාලයක්‌ වී ඇස්‌ පෙනීම නැතිව යන අයෙකුට ඇසට ඇසක්‌ ලබාදීමට ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමයට හැකියාව තිබේ.

එවැනි අනතුරු ලොව බොහෝ විට සිදුවේ. ලොව විවිධ රටවල සිදුවන අනතුරු වලින් ඇස්‌ අන්ධ වන මිනිසුන්ට ඇස්‌ දන් දෙන රටවල් අතර ප්‍ර්‍රමුඛ තැනක සිටින්නේ ශ්‍රී ලංකාවය.

අදටත් සෑම දිනකම ඇස්‌ හතරක්‌ හෝ පහක්‌ විදේශයකට යවනු ලැබේ. ඒ කිසිදු මුදල් අය කිරීමකින් තොරවය.

ජපානයේ එක්‌ වෛද්‍ය වරයකුගේ පියෙක්‌ හදිසි අනතුරකින් ඇස්‌ අන්ධ භාවයට පත් විය. ඔහුට ඇසක්‌ ලබා දුන්නේ ශ්‍රී ලංකාවෙනි. ඒ වෙනුවට වෛද්‍ය පුත්‍රයා වටිනාම නිශාන් වර්ගයේ රථයක්‌ අක්‍ෂිදාන සංගමයට පරිත්‍යාග කළේය.

බටහිර රටවල මිනිස්‌සු ඇස්‌ ඉස්‌ මස්‌ ලේ දන් දීමට පුරුදු පිරිසක්‌ නොවේ. ඔවුන් මැරෙන තුරු සිය සිරුර පවත්වාගෙන යැමට කැමැත්තෝ වෙති.

නමුත් පෙරදිග බෞද්ධවාසීන් වන අපි ඇස්‌ දන්දීමට සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වන්නෙමු.

ඇස්‌ පමණක්‌ නොවේ. දැන් පටකද දන්දීමට පුළුවන. පටක යනු මනුෂ්‍ය ශරීරයේ තිබෙන සම්, මස්‌ ඇට නහර ආදී දේය.

කෙනෙකුට පිළිකාවක්‌ සෑදී අස්‌ථියක්‌ අයින් කරන්නට සිදුවුවහොත් ඊට අවශ්‍ය අස්‌ථිය සපයන්නන්ට අස්‌ථි බැංකුවක්‌ අක්‍ෂිදාන සංගමය පිහිටුවා තිබේ.

අක්‍ෂිදාන සංගමය විසින් පටන් ගැනුණු අලුත්ම බැංකුව මෙයයි. ඇස්‌ පමණක්‌ නොව ඉස්‌ මස්‌ ලේද දැන් ඔබට දන් දිය හැකියි.

පටක දන්දීම යනු එයින් එක්‌ දෙයකි. ඔබ මිය ගිය හොත් ඔබේ අත්පාවල අස්‌ථි අක්‍ෂිදාන සංගමය වෙත දන්දිය හැක. ඒ අස්‌ථි සම් ඇට නහර වලින් තවත් රෝගියකුට පය ගසා ඇවිද යන්නට හැකි වනු ඇත. විශේෂයෙන් පසුගිය යුද්ධ කාලයේදී තුවාල ලත් සෙබළුන්ට අස්‌ථි සහ පටක සපයා දුන්නේ අක්‍ෂිදාන සංගමයයි.

වයස අවුරුදු 70 ට අඩු ඕනෑම අයකුට පටක දන්දීමට පුළුවන. ඇස්‌දන් දීමේදී මරණයට පත් තැනැත්තා පොරොන්දුවී නැතත් ඇස්‌ දෙක ගලවාගෙන යන්නැයි පවුලේ ළඟම ඥතීන් කැමැති වන්නේ නම් අක්‍ෂිදාන සංගමය එය ඉටු කරනු ලැබේ.

නිකරුණේ පොළවට පස්‌වන සිරුරෙන් ජීවත්වන ලෝකයාට යහපතක්‌ කිරීම වටිනා නොවේද?

අක්‍ෂිදාන සංගමය හරහා කාට හෝ පෙනීම ලබාදුන් ජනනායකයින්ද සිටිත්.

අග්‍රාණ්‌ඩුකාර විලියම් ගොපල්ලව, ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්‌ඩාරනායක, ඡේ. ආර්. ජයවර්ධන ආදී හිටපු ජනනායකයෝ ඇස්‌ දන්දුන් අය වෙති.

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ එම ආර්යාව ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය ඇස්‌ සහ පටක දන්දීමට පොරොන්දු පත්‍රයට අත්සන් තබා ඇත.

ඔබත් ඇස්‌ ඉස්‌ මස්‌ දන්දීමේ පුණ්‍ය කර්මයට සහභාගිවීමට කැමැති නම් අක්‍ෂිදාන සංගමය විද්‍යා මාවත, කොළඹ 7 ලිපිනයට ලියන්න.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ
free counters