ඔබේ වයස් සීමාව කුමක් වුවත්, ඔබ මියගිය පසු ඔබේ ඇස් දෙක දන් දීමට ඔබට පොරොන්දු පත්‍රයක් අත්සන් කිරීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට තමාගේ ලිපිනය ලියූ මුද්දර ඇලවූ ලියුමි කවරයක් එවීම තුලින් මේ සඳහා අවශ්‍ය පොරොන්දු පත්‍රය සහ විස්තර ලබාගත හැකියි.

ඇස් හා ශරීර පටක දන් දීමේ පිළිවෙත

ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය යනුවෙන් හදුන්වන දොස්තර හඩිසන් සිල්වාගේ මූලිකත්වයෙන් අරඹන ලද ලොව විශාලතම ඇස් සංචිතයක් ඇති අක්ෂි බැංකුව  පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවෙයි. මෙහි ඇස් දන්දීම සදහා කිසිදු වයස් සීමාවක් බලනොපාන අතර, මිය ගොස් පැය 04 ක් ඇතුලත ඇස් දන් දීම කල හැකියි. 

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය, විද්‍යා මාවත, කොළඹ 7 ලිපිනයට තමාගේ ලිපිනය ලියූ මුද්දර ඇලවූ ලියුමි කවරයක් එවීම තුලින් මේ සඳහා අවශ්‍ය පොරොන්දු පත්‍රය සහ විස්තර ලබාගත හැකියි. ඊට අමතරව 0112692051, 2698040/41/43 යන දුරකථන අංක සමඟ සම්බන්ධ වීමෙන් ද අවශ්‍ය තොරතුරු ඔබට ලබා ගැනීමට පුළුවන්. මෙසේ ඔබේ වයස් සීමාව කුමක් වුවත්, ඔබ මියගිය පසු ඔබේ ඇස් දෙක දන් දීමට ඔබට පොරොන්දු පත්‍රයක් අත්සන් කිරීමේ හැකියාව තිබෙනවා.


ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය
"ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනි වේ."

  • දායකත්ව පොරොන්දු පත්‍රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත ලියුම් කවරයක් සමග පහත ලිපිනයට යොමු කරන්න.
        ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය,
        දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
        විද්‍යා මාවත,
        කොළඹ 07.
        
  • ඕනෑම ඇස් හා පටක දන් දීමක් සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක :
         011- 2 698 040
         011- 2 698 041
         011- 2 698 043 
         011- 2 692 051

උපදෙස්
  • කෙනෙකු මියගියපසු පැය 4 ක් ඇතුලත ඇස් ඉවත් කිරීම සිදුකල යුතුය. පටක ලබා ගැනීම පැය 12 ක් ඇතුලත කල හැක.
  • ඇස් දන්දීමට වයස් සීමාවක් නොමැත. එහෙත් පටක ලබාගත හැක්කේ අවුරුදු 70 ට අඩු අයගේ මරණ වලදී පමණි.
  • වෛයිරස් අසාදිත රෝගයකින් මිය යන අයගේ ඇස් හෝ පටක ප්‍රයෝජනයට ගත නොහැක. සිරුරේ තුවාල ඇති අයගෙන්ද ඇස් හෝ පටක ලබාගත නොහැක.
  • මරණයට හේතුව අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය.
  • සංගමයට දැනුම්දෙන විට නිවැරදි ලිපිනය හා දැනට මෘත දේහය තබා ඇති ස්ථානයට පැමිණිය හැකි ගමන මග, දුරකථන අංක යනාදී නිවැරදිව සැපයීම අප්‍රමාදව කටයුතු නිම කර ගැනීමට පහසුවක්වේ.
  • ඕනෑම දිනක  දිවා රාත්‍රී ඕනෑම වේලාවකදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඇස් හෝ පටක ලබා ගැනීමට සුදානමින් සිටී.
  • ඔබ දුරකතනයෙන් දැනුම් දුන් පසු හැකි ඉක්මණින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පුහුණුව ලත් තාක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ලගා වී අවශ්‍ය කටයුතු කරනු ඇත.
  • පොරොන්දු පත්‍රයක් අත්සන් කර නැතත් භාරකරුවන්ගේ අවසරය මත ඇස් හා පටක දන් දීම සිදුකල හැක.
  • සම්පූර්ණ දේහය ලබා  දෙන්නේ නම් අවශ්‍යකරන සියලු ශරීර කොටස් ආදිය ලබා ගත හැක.
  • මෙසේ ලබා ගන්නා සියලුම ඇස් හා පටක ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ප්‍රමුඛ ස්ථානය දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සංගමය කටයුතු කරයි.
Information for Eye Donation

Think a Minute - Eye Donation in Sri Lanka



free counters